තාත්තා බූරු ගසා පරාද වී ළමයින්ට කෑම නැති මොහොතක මව නිවෙස උකස් කොට කෑම රැගෙන ආ අවස්ථාවේදී ළමයි සතුටට රතිඤ්ඤා පත්තු කළා හා සමාන සිදුවීමක් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම තුළද සිදුව ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එදා ජනාධිපතිවරයා මහින්දලාට ‘කව්ද හොරා’ කියමින් කෑ ගැසූ බවයි. එදා අගමැති දිනේෂ් ගුණවර්ධන රනිල්ට ‘මහබැංකු හොරා’ කියා කෑ ගැසූ බවත් අද ඒ දොගොල්ලම එකතු වී සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.