30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනීලාගේ දේහය දිවයිනට

නීලාගේ දේහය දිවයිනට

71 වන වියෙ පසු වූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17වන දින ඉතාලියේදි ජීවිතක්ෂයට පත්විය.

ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඇගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

1967 වසරේදී පළමු ගීතය පටිගත කළ නීලා වික්‍රමසිංහ මහත්මිය, 1974 වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකරගෙන තිබේ.

රන් ටිකිරි සිනා, දෑතට වළලු, වියෝ ගී ගැයෙනා, මේ දෙමන්සලේ, පුංචි සිතේ පුංචි සිනා, මේ අවන්හලේ වැනි ගීත තුළින් ඇය මෙරට ජනතාව අතර ඉමහත් ජනාධරයට පත්වුණි.

ගුවන්මඟින් දේහය ඊයේ (27) රාත්‍රි 8.05ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

ඒ අනුව දේහය භාරගැනීම සඳහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.