ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 අයවැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බවයි.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේද කීය.
“මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අපි ඒ තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා. අධිකරණයේ පවතින කරුණු ගැන කතා කරන්නේ නෑ. අපි නෙවෙයි නේ උසාවි ගියේ.“