35 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවේ පළමු කොරෝනා රෝගියා, කොරෝනා ගැන කියන දේ

ලංකාවේ පළමු කොරෝනා රෝගියා, කොරෝනා ගැන කියන දේ

ජනතාව විසින් කොරෝනා මර්දන තුන්වන මාත්‍රාව ලබාගැනීම ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීම නිසා ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිතයා වන ජයන්ත රණසිංහ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඔහු සඳහන් කළ ආකාරයට කොරෝනා මර්දනට රජය මගින් සිව්වැනි මාත්‍රාවක් ලබා දෙන්නේ නම් එය ද ලබා ගැනීමට තමන් කිසිදු විටෙක පසුබට නොවන බවයි.මන්ද,තමා ආසාදිතයකු ලෙස පළමු වරට හඳුනාගන්නා විට කිසිදු ඖෂධයක් හෝ එන්නතක් සොයා නොතිබූ බවය.

වාසනාවකට මේ වනවිට තාක්ෂණය දියුණු වී එන්නත් ද සොයාගෙන ඇති විටදි මරණයෙන් බේරීමට එන්නත් ලබා නොගැනීම ගැන ඔහු කනගාටු වන බව ද ඔහු තව දුරටත් සඳහන් කරනවා.

එන්නත්කරණයක් අවශ්‍ය බව පවසා රජයට චෝදනා කරන වෙනත් රටවල් සමඟ බලනවිට, අපෙ රටේ රජය ජනතාව පස්සෙන්විත් බලෙන් එන්නත්කරණයට යොමු කිරීමට සිදුව ඇති බව ඔහු පවසයි.

බුස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු අස්ථි වේදනාව සහ සුළු රෝගී තත්ත්වයන් තමාට ද ඇති වූ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නිසා බියකින් තොරව බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසත් ජයන්ත රණසිංහ විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව නැවතත් වැඩි වෙමින් පවතින අවස්ථාවක රට නැවත පැරණි තත්ත්වයට නොයවා නිසි සෞඛ්‍ය පුරුදු රකිමින් බූස්ටර් එන්නත ලබා ගැනීම අප සැමගේම යුතුකමක් සහ ශ්‍රී ලංංකීය ජාතියේම වගකීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.