30 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව විශාලම කළු දියමන්තිය වෙන්දේසි කෙරේ

ලොව විශාලම කළු දියමන්තිය වෙන්දේසි කෙරේ

කැරට් 555.55ක් පමණ බරකින් යුතු ‘ද එනිග්මා’ නම් කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 4ත් 7ත් අතර මිලකට වෙන්දේසි වෙතැයි අනුමාන කෙරේ.

පෙබරවාරි 03 වැනිදා සිට 09 වැනිදා දක්වා එම දියමන්තිය සඳහා ලංසු තැබීම සිදුකළ හැකි අතර එ සදහා ක්‍රිප්ටො මුදල්ද භාවිත කිරීමේඅ හැකියාව පවතී.

වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කළ විශාලතම කළු දියමන්තිය මෙය බව එම වෙන්දේසිය සංවිධානය කරනු ලබන Sඔතෙබ්ය්’ස් නම් සමාගම පවසයි. එය 2006 වසරේදී ගිනස් වාර්තා පොතේ සටහන් වූයේ විශාලතම ඔප දමන ලද දියමන්තිය ලෙසය.

මෙම දියමන්තිය පසුගිය සතියේ ඩුබායි නගරයේදී ප්‍රදර්ශනය කළ අතර මෙම සතිය තුළ බෙවර්ලි හිල්ස් හි ප්‍රදර්ශනයට තබා ඇති අතර ඉන්පසු එය වෙන්දේසිය සඳහා ලන්ඩන් නගරයට ගෙනයෑමට නියමිතය.