අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදියක් ප්‍රධාන මාර්ගයට ඇතුළු කරනවාත් සමග එහි ධාවනය වෙමින් තිබු ලොරි රථයක ගැටීමෙන් ඊයේ දහවල් අනතුරක් සිදුවුණා.
මෙම අනතුර සිදුව ඇත්තේ, අකුරැස්ස පොලිස් බලප්‍රදේශයේ, බංගම හන්දියේදී ය.අනතුර සිදුවන අයුරු අසළ පිහිටි සි.සි.ටි.වි කැමරාවක සටහන්ව තිබුණා.
යතුරුපැදියෙහි පැමිණි 22 හැවිරිදි තරුණයා ලොරි රථයේ පිටුපස රෝදයට හසුව එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගාල්ල අම්පේගම ප්‍රදේශයේ පදිංචි තීන්ත ආලේපන කටයුතුවල නිරත වූ ආකාශ් මිහි නිර්මාන් නැමැති අවිවාහක තරුණයකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.