පිරීම් නවත්තනවා කියා බලයට පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.
“උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළා. කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළා. වර්මාතන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළා. පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි පොහොර කෑන් පවා පිපිරෙනවා. ඒ මදිවට ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් ගදයි. ඒ දුගඳ අරලියගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නෑ.
ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නෑ. සීනි වංචාව, පොල්තෙල් වංචාව, කොවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිව යුතුයි. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට පත්වී තිබෙනවා.”