මෙවන් අසීරු මොහොතක රජය අපහසුතාවයට පත් කරමින් උද්ඝෝෂනය කරන රාජ්‍ය නිළධාරීන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන බවත් ඔවුන්ට වැහි නැති හෙන වැදිය යුතු බවත් තිස්ස කුට්ටිආරච්චි පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.
ලංකාවේ සිටින තරුණ ප්‍රජාව නිසි ආකාරයෙන් රටේ සංවර්ධනයට සහභාගී නොවෙන බවත් රටේ සිටින තරුණයන් රාත්‍රී 8 වන විට රූපවාහිනි නරඹා නින්දට ගොස් උදෑසන අවදි නොවී සුව නින්දක් ලබනා නමුත් විදෙස්ගත තරුණ ශ්‍රමිකයන් පැය දහය දොළහා වැඩ කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.