30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිර්දෝෂි අයට හොරු කියා චෝදනා කරන්නන්ට දැඩි නීති

නිර්දෝෂි අයට හොරු කියා චෝදනා කරන්නන්ට දැඩි නීති

නිර්දෝෂී පුද්ගලයින්ට හොරු කියා ප්‍රසිද්ධියේ චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිය ශක්තිමත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට බේරාගත් නායකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ මෙන් ක්‍රමවේදයක් මෙරට තුළ ද ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම මේ වන විට රටේ දූෂණ, වංචා වැළැක්වීම සඳහා ඉතාම ශක්තිමත් පනතක් ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති අතර අප්‍රේල් මාසයේ අවසන් වන විට එය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.