― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalමා ගැන පැතිරෙන කටකතා බොරු - මහින්ද රාජපක්ෂ

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැළිය අප්‍රේල් 02 වැනිදාට යෙදී ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් පවතින්නේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සටහන ප්‍රතික්ෂේප කරමින් තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දැන්වීම 2018 වසරේ මහජන රැලියකට අදාළ එකක් වන අතර විවිධ සමාජ මාධ්‍යවල අසත්‍ය ලෙස එය ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන්.