30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 63 ළමා වාට්ටුව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකමින් වසා දමා තිබෙනවා.

මෙම ළමා වාට්ටුව කළමනාකරණය කරනු ලැබුවේ අනුරාධපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය මගින්. රෝහල් පාලනාධිකාරිය පවසන්නේ ⁣විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත මෙම ළමා වාට්ටුව පවත්වාගෙන ගිය නමුත් එම වෛද්‍යවරුන් තිදෙනා මේ වනවිට රෝහල තුළ නොමැති බවයි.

ඔවුන් අතරින් වෛද්‍යවරුන්ගෙන් දෙදෙනකු විදේශගත වී ඇති අතර අනෙක් වෛද්‍යවරයා අධ්‍යාපන කටයුතු සදහා රෝහලෙන් බැහැරට ගොස් සිටිනවා.

අලුතින් විශේෂඥ වෛද්‍යවරුන් වාට්ටුවට අනියුක්ත කිරීමට ද නොහැකි තත්ත්වයක් මත රෝහල් පාලනාධිකාරිය දින කිහිපයකට පෙර සිදු කර තිබෙන්නේ ශික්ෂණ රෝහලේ ඇති අනෙක් ලමා වාට්ටු දෙකට 63 වාට්ටුවේ සිටි රොගින් ඇතුළත් කිරීමයි.

මේ තත්ත්වය හමුවේ එම වාට්ටු දෙක තුළ තදබදයක් පවතින බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියෙකු පැවසුවා.