25 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකියතකින් කපා පුද්ගලයෙක් ඝාතනය කරයි

කියතකින් කපා පුද්ගලයෙක් ඝාතනය කරයි

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් කටුගස්තොට, මහංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාගේ කකුල් දෙක ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි. තුවාලකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයට භාජනය කරමින් සිටියදී මිය ගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 54 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.