30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල්?

පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල්?

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කළ යුතුයි කියන මතයක් වැඩිපුර අපේ මන්ත්‍රී කණ්ඩායම තුළ තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ. මම හිතන්නේ නෑ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක් ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට සුදුසුම හොඳම පියවර ගනී.