29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුජිබර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

මුජිබර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

තවදුරටත් බොරු බේගල් ඇදබා ජනතාව රවට්ටනවා වෙනුවට ඉදිරි අවුරුදු තුනක සැලැස්ම ඉදිරිපත් කරන්නැයි තමා රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බවත් ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියා ජනාධිපතිවරයා පැවසුවත් එතුමන්ට අවුරුදු තුනක සැලැස්මක් තියා මාස තුනක සැලැස්මක් වත් නෙැමැති බවත් මුජිබර් රහුමාන් එහිදී ප්‍රකාශ කළේය.