27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රනිල් ගැන ඉදිරියටත් බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නෑ - බන්දුල

ජනපති රනිල් ගැන ඉදිරියටත් බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නෑ – බන්දුල

ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි  කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ඔහු අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.