27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

මේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

එම කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ඉකුත්දා(මාර්තු 22) පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

රුමේනියාවේ සැලකිය යුතු ශ්‍රී ලාංකිකන් පිරිසක් සිටින බවත් ඔවුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත් කමිටුව මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පැවසුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, අකිල එල්ලාවල,යදාමිණි ගුණවර්ධන,හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.