30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරාලිම්පික් ගිය රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයා

පැරාලිම්පික් ගිය රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයා

පැරාලිම්පික් උලෙළට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් ක්‍රීඩක රන්ජන් ධර්මසේන වැඩි විශ්වාසයකින් තරග කිරීමට සූදානමින් සිටී. පෘතුගාලයේදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී විශිෂ්ට දස්කම්වලින් පසුව ඔහු ඊශ්‍රායලය, ක්‍රොඒෂියාව වැනි සුපිරි ශ්‍රේණිගත රටවල් කිහිපයක් පරාජය කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරන ධර්මසේන ලෝක ශ්‍රේණිගත කිරීමේ 62 වැනි ස්ථානයේ පසු වේ. රෝද පුටු ටෙනිස් ක්‍රීඩක රන්ජන් ධර්මසේන ඉහළ දක්ෂතා දක්වමින් උපරිම ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් සිටින බව ඔහුගේ පුහුණුකරු ජගත් වැලිකල මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි ධර්මසේන සිය ජීවිතයේ කුඩා අවදියේදීම ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.

කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ මලල ක්‍රීඩා සහ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා කිහිපයකටම ඔහු සහභාගි වී ඇත. සමස්ත ලංකා තරග ගණනාවකටම සහභාගි වූ පාසල් වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයෙකි.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන ශ්‍රී ලංකා සන්නද්ධ බළකායට බැඳුණා. පොතුවිල් කලපුවේ රාජකාරියේ යෙදී සිටියදී 2009 පෙබරවාරි 23 වැනිදා මෝටාර් ප්‍රහාරයකට ලක් වුණා. ජීවිතය බේරා ගැනීමට සමත් වුණත් වම් පාදයට දැඩි හානි සිදු වී අවසානයේදී කපා ඉවත් කෙරුණා. රාගම රණවිරු සෙවණේදී මාස 4ක් පුනරුත්ථාපනය වෙලා නව ජීවිතයක් ආරම්භ කිරීමට අදිටන් කර ගත්තා. මා රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කරන විට මට ක්‍රීඩාව ගැන එතරම් දැනුමක් තිබුණේ නැහැ. මුලදී මට පන්දුවට පහර දීමට තරම් ශක්තියක් තිබුණේ නෑ. නමුත් ක්‍රීඩාව කෙරෙහි මගේ ඇල්ම වැඩි වී මගේ ශක්තීන් හා හැකියාවන් වැඩි වුණා” ධර්මසේන පැවසීය.