― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජපක්ෂලා උගන්ඩාවට සල්ලි අරන් ගියා නම් ඒවා ගෙනල්ලා පෙන්වන්න - නාමල් රාජපක්ෂ

රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි අරන් ගියා නම් ඒවා ගෙනල්ලා පෙන්වන්න – නාමල් රාජපක්ෂ

රාජපක්ෂවරුන් උගන්ඩාවට රැගෙන ගිය බව කියන මුදල් නැවත ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජපක්ෂවරුන් එම මුදල් උගන්ඩාවට ගෙන ගියේ නම් ජනාධිපතිවරයා සහ රජය මැදිහත් වී එම මුදල් ආපසු ගෙන එන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

ඒ අතරම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විටත් එම චෝදනාව ඔප්පු කිරීමට නොහැකි වූ බව නාමල් රාජපක්ෂ කියා සිටියේය.