කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ යුරෝපයේ පළමු රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.
ඊට අදාළ නීති සම්මත කරගෙන ඇති අතර ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි සෑම අයෙකුම කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතු වෙයි. ඔස්ට්‍රියාව තුළ එම නීතිය අද සිට ක්‍රියාත්මකය. ඒ අනුව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 670 සිට ඩොලර් 4,000 දක්වා දඩයකට යටත්වීමට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපයේ කිසිම රටක් එන්නත්කරණය කිරීම මෙතෙක් අනිවාර්ය කර නැති අතර
ඔස්ට්‍රියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊට එරෙහිව ඇතැම් පාර්ශව දැඩි විරෝධයක්ද පළ කර ඇති පසුබිමකයි.