29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත ගනිමින් නීරෝගි වීමට කැප වන්න

එන්නත ගනිමින් නීරෝගි වීමට කැප වන්න

ඇමැති ඩලස් අලහප්පෙරුම

මිථ්‍යාවන් පිටුපස ගොස් උත්තර සෙවිය නොහැකියි බවත්, එනිසා සියලු දෙනා මේ මොහොතේ කළ යුත්තේ එන්නත්කරණය සිදු කර ගනිමින් ජාතියේ නීරෝගි භාවය වෙනුවෙන් කැප වීම බවත් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ක්‍රියාත්මක ‘සිප්දොර අධ්‍යාපන සේවාවට’ දින 100ක් සපිරීම නිමිත්තෙන් පැවති වැඩසටහනට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

Òනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ අපගේ වගකීම විය යුත්තේ අවුරුදු 60න් ඉහළ එන්නත් නොගත් සියලු දෙනා එන්නත්කරණයට යොමු කිරීමයි. පැණි බී හෝ මුට්ටි ගංගා-බෝක්කු ගානේ දැම්මන් හෝ මෙයට උත්තර සෙවිය නොහැකියි. ඒ සඳහා ඇත්තේ විද්‍යාත්මක උත්තරයක් පමණයි.

වසංගත තත්ත්වයක් හමුවේ නීරෝගි ජාතියක් බවට පත්කිරීමේදී අපේ රටේ දරුවන් කේන්ද්‍රීය ලක්ෂ්‍යයයි. සෑම නාලිකාවකින්ම දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න කරන ලද ඉල්ලීම පරිදි චැනල් 7ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සති කිහිපයකදී එය ආරම්භ කරමින් චැනල් 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පෞද්ගලික සැටලයිට් ආයතනයකින් ද චැනල් 15ක් දීමට එකඟත්වය පළ කර තිබෙනවා. එනිසා අධ්‍යාපනය සේවා දිවයින පුරා ආවරණය කළ හැකියි.

විශ්වීය මාරයා ඉදිරියේ ලෝකය දණගහන විට අපේ ආර්ථිකය ඔත්පළ වෙමින් අපේ ජන ජීවිත අභියෝගයට ලක් වුණා. දරුවන් ලක්ෂ 43ක් තවමත් ගෙවල්වල. පාසල් ගේට්ටුව දොර කවුළු වැසී යෑම යනු සංස්කෘතියේ ඇහිරී යෑමයි. රටේ ගමන් මඟ වැසී වසර 1 ½ක් වෙනවා. කොවිඩ් ව්‍යසනයට වසර ගණනාවකට පෙර මෙවැනි ව්‍යසන දැක ඇතැම් රාජ්‍ය පූර්ව තීන්දු ගෙන තිබෙනවා. ඒවා ගෙන තිබෙන්නේ වසංගත ගැන සිතා නොව ව්‍යසන ගැන සිතායි. අප ආපදාවලට මුහුණ දීමට අතීතයේ තීරණ නොගැනීම නිසා අපේ රටේ අධ්‍යාපනයත් අභියෝගයට ලක් වුණා. මේ අනතුර දකිමින් පළාත් පාලන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවේ සිප්දොර අධ්‍යාපන සේවාව ආරම්භ කිරීම මෙවැනි දරුණු වසංඝත තත්ත්වයක් හමුවේ ගනු ලැබූ ඉතා වැදගත් පියවරක්.”

ටී. කේ. මහින්ද – වැලිගම සමූහ