28 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවනිඳු සහ දුෂ්මන්ත කෝලිත් එක්ක අයිපීඑල් පිටියට

වනිඳු සහ දුෂ්මන්ත කෝලිත් එක්ක අයිපීඑල් පිටියට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අතරමඟ අත්හිටුවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි කොටස සඳහා ක්‍රීඩා කිරීමට විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමඟ එක්ව තිබේ.

බැංගලෝර් පිල නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට වනිඳු ආදේශ කර ඇති අතර, චමීර එක්ව ඇත්තේ ඩැනියෙල් සෑම් වෙනුවටය.

කෙසේ වෙතත් අයිපීඑල් තරගාවලිය ආරම්භයට පෙර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් 9ක් එක්ව සිටි අතර, ඔවුන් කිසිවකුටත් තරගාවලියට එක් වීමට අවස්ථාව නොලැබිණි.

එහෙත් ඉන්දීය පිල සමඟ නිමා වූ තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට වනිඳු හසරංග සමත් වීමත් සමඟ ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් ඔහු වෙත යොමු විය. චමීර ද නිමා වූ තරගාවලි කිහිපයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේදී තරගාවලිය අතරමඟ අත්හිටුවූ අතර, එහි ඉතිරිය ලබන මස 19 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.