ගර්භණී හෙදියන් සඳහා වූ නිවාඩු යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.
විරෝධතාකරුවන් පවසන්නේ, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පමණක් හෙදියන් 25 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ය. එවන් පසුබිමක ජනවාරි මස 03 වනදා සිට සාමාන්‍ය පරිදි හෙදියන් සේවයට කැඳවූ නමුත් ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ගර්භණී හෙද නිලධාරීන් බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවන බව ය.


