මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක රේඩියෝවක් අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙපිරිසක් අතර පහරදීමක් සිදුව තිබෙනවා.
මෙම සිද්ධිය පසුගිය ජනවාරි 30 වනදා ඇතිවූවක් බවයි පොලිසිය පවසා සිටියේ.
ඔවුන් දෙපිරිසම මට්ටක්කුලිය පොලීසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත්කර තිබෙන අතර පොලීසිය වැඩිදුරටත් පැවසුවේ සිද්ධියට සම්බන්ධ දෙපිරිසම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් බවය.
අදාළ නිවසට පහර දීම පිළිබඳ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.


