26.7 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅනුර කුමාර දිසානායකට එල්ල කරපු බිත්තර ප්‍රහාරය හෙලා දකිනවා

අනුර කුමාර දිසානායකට එල්ල කරපු බිත්තර ප්‍රහාරය හෙලා දකිනවා

අනුර කුමාර දිසානායකට එල්ල කරපු බිත්තර ප්‍රහාරය හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

මීට දින කීපයකට කලින් ගම්පහ ප්‍රදේශයේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරපු රැස්වීමකට සහභාගීවූ අනුර කුමාර දිසානායකගෙ වාහනයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.

ඒක එල්ල කරල තියෙන්නෙ නිශ්ශංක සේනාධිපතිගේ යටතේ වැඩකරන සේවකයෝ පිරිසක්. ඔවුන් ඒ වෙලාවෙම එළිදරව් වෙනවා ඔවුන් පාපොච්චාරණය කරනවා. ඒ සම්බන්ධ වීඩියෝ මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලයට එක් වෙලා තියෙනවා.

මේ සියල්ල ඉතා පැහැදිලිව තියෙද්දි එස් බී දිසානායක ල වගේ ආණ්ඩුවේ කුණු හෝදන්න ලෑස්ති වෙච්ච සමහර පුද්ගලයෝ මේක මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මත පටවන්න සූදානම් වෙනවා.

එස් බී දි සා නායකලා නිශ්ශංක සේනාධිපති ලා කියන්නේ සාමාන්‍යයෙන් අර ආණ්ඩුවලට බඩඑළිය ගියාට පස්සේ ඒක තමන්ගේ දෝතින් වුණත් හෝදන්න සූදානම් කට්ටියක්.

ඔවුන් කරන ප්‍රකාශ සම්බන්ධ අපි කලබල විය යුතු නැහැ.

නමුත් මේ ක්‍රියාව පිටුපස තියෙනවා බරපතළ කාරණයක්. මේ එල්ල කරේ අද කුණු බිත්තරයක් වෙන්න පුළුවන් හෙට මේක ගලක් වෙන්න පුළුවන් තව ඉස්සරහට තව දෙයක් වෙන්න පුළුවන්.

මේක පිටිපස්සේ ආණ්ඩුව තමන්ට ගොඩනැගෙමින් තිබෙන විරෝධය පාලනය කරන්න මර්දනය කරන්න ගන්න හදන ක්‍රියාමාර්ග වල සූදානම පේනවා.

මේක ජනතා විමුක්ති පෙරමුණට වෙන්න පුළුවන් ජාතික ජන බලවේගයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන දේශපාලන පක්ෂයකට වෙන්න පුළුවන් මාධ්‍යවේදියෙකුට මාධ්‍ය ආයතනයකට වෙන්න පුළුවන් මේ කුමන ආයතනයකට කුමන පුද්ගලයෙකුට මේක එල්ල වුණත් අපි හිතනවා ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට එල්ලවෙන සමාන්තර අභියෝගයක් කියලා.

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේ දී ඒ සම්බන්ධයෙන් තියෙන අනතුර සම්බන්ධයෙන් සලකල බැලුවම ඒක බරපතළ කාරණයක්.

අපි මේ සිද්ධිය හෙළා දකිනවා. ඒ හෙළාදකිනවා විතරක් නෙමෙයි ඒ සිද්ධියෙන් පස්සේ මාධ්‍ය ඉස්සරහ පිට කරන මෙවැනි නාඩගම් අපි සම්පූර්ණයෙන් හෙළා දකිනවා. ජනතාවට අපි කියනවා මේ ආණ්ඩුවේ හැසිරීම තේරුම් ගන්න කියලා.

ජනතා විරෝධයට ලක් වෙන ක්‍රියාමාර්ග අරගෙන විශාල ලෙස ජනතා විරෝධයට ලක් වෙලා ඉන්න පාලනයක් ඒ තමන්ගේ කුණු වහගන්න කැත වහගන්න තමන්ට එරෙහිව තියෙන දේශපාලන ව්‍යාපාර වලට එල්ල කරන මේ මර්දනය, ඒ මර්දනයෙන් පස්සේ ඒව තමන්ගේ ගිණුමට පැහැදිලිව බැර වෙලා තියෙද්දී, එළිදරව් වෙලා තියෙද්දී මාධ්‍ය ඉස්සරහ කරන මෙවැනි විකට ක්‍රියා තේරුම් ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.