― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඅලි සබ්රි හා රාසමාණික්කම් අතර උණුසුම් වචන හුවමාරුවක්

අලි සබ්රි හා රාසමාණික්කම් අතර උණුසුම් වචන හුවමාරුවක්

අද පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින රථවාහන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ශානක්‍යන් ප‍්‍රශ්න කළ විට ඊට පිළිතුරු දීමට තමන් සූදානම් නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මෙම තත්ත්වය තුළ අමාත්‍ය අලි සබ්රි සහ විජයදාස රාජපක්ෂ රට තුළ ක්‍රියාත්මක සංහිඳියා වැඩපිළිවෙලේදී ක්‍රීඩකයන් ලෙස පෙනී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පාර්ලිමේන්තුව තුළ සංහිඳියා ගැටළු නිසි ලෙස සාකච්ඡාවට ලක් නොවන බවත් තම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන විට එය නොවැදගත් කරුණක් බව නියෝජ්‍ය කථානායකවරයා පවසන බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

තම ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා තමවා ‘කොටියෙක්’ ලෙස සහ ‘ජාතිවාදියෙකු’ ලෙස හැඳින්වීම තමන් සතුටින් භාර ගන්නා බවයි හෙතෙම කියා සිටියේ.

ඊට මැදිහත් වූ අමාත්‍ය අලි සබ්රි, ශානක්‍යන් ජාතිවාදය උළුප්පා පෙන්වීමට කටයුතු කරන බවට චෝදනා කළේය.

තමන් කිසියම් ජාතියක් වෙනුවෙන් ක්‍රියා නොකරන බවත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහජීවනය වෙනුවෙන් ක්‍රියා කරන බවත් අමාත්‍ය අලි සබ්රි එහිදී කියා සිටියේය.