― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා හා කුඩු සළිඳුගේ ඔත්තුවෙන් ගිනිඅවි 02ක් සොයා ගැනේ

හරක් කටා හා කුඩු සළිඳුගේ ඔත්තුවෙන් ගිනිඅවි 02ක් සොයා ගැනේ

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු 9ම්ම් වර්ගයේ ගිනි අවි දෙකක් සමග පානදුර උයන්කැලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග මැඩගස්කර රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සලිදු මල්ශිත ගුනරත්න නොහොත් පානදුර කුඩු සලිදු නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මගින් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2022 ජනවාරි මස 27 වෙනි දින පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ගිලන්රථ රියැදුරුට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කුඩු සලිදු නැමැති සැකකරු සමඟ හෝ වෙන් වෙන්ව දිවයින තුල මිනීමැරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇත්ද යන්න පිළිබඳ හා සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇති ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72 කාලෙකට රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.