27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ, දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවෙදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.