74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (04) පෙරවරුවේ පැවැත්වේ.
මෙවර සැමරුම් උළෙලේ තේමාව අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් යන්නයි. අද පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සව සභාව වෙත පැමිණීමත් සමග නිදහස් උළෙලේ කටයුතු ආරම්භ වේ.
ජාතිය වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ත්‍රිවිධ හමුදා පෙළපාලි
සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතය.
සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසයි. නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකෙරේ.
නිදහස් දින සැමරුම පැවැත්වෙන කාලය තුළ නිදහස් චතුරඝ්‍රය අවට මාර්ග 21ක් ගමනාගමනය සඳහා වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.
උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇත.