28.5 C
Colombo
Monday, May 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිංගර්-එම්සීඒ ක්‍රිකට් තරගාවලි කල් යයි

සිංගර්-එම්සීඒ ක්‍රිකට් තරගාවලි කල් යයි

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් 28 වැනි සිංගර්-එම්සීඒ (MCA) ප්‍රිමියර් ලීග් සහ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යළිත් වරක් කල් දැමිණ. 28 වැනි වතාවටත් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය යටතේ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය (එම්සීඒ) විසින් සංවිධනානය කරනු ලබන මෙවර ලීග් ක්‍රිකට් තරගාවලිය හේලීස් සමූහය, ජෝන් කීල්ස් සමූහය, එච්එන්බී සහ පුරවැසි සංවර්ධන ව්‍යාපාරික මූල්‍ය (සීඩීබී) යන කණ්ඩායම් 04 ක සහභාගිත්වයෙන් ලීග් තරග අදියර (ඕවර් 50) ආරම්භ විය.

තරග 08ක් නිමා කරමින් තරගාවලිය නොනවත්වා පැවති නමුත් 3 වන කොරෝනා රැල්ල හේතුවෙන් තරගාවලිය නතර කිරීමට සිදු විය. අගෝස්තු 10 දා සිට නැවත තරගාවලිය ආරම්භ කිරීමට එම්සීඒ තරගාවලි කමිටුව තීරණය කළ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය සමඟ ගැටීම හේතුවෙන් එම උත්සාහය ද ව්‍යර්ථ විය.

අවසන් කරන ලද තරග 08 ක ප්‍රතිඵල පහත දැක්වේ.

එම්සීඒ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් කණ්ඩායම විසින් එච්එන්බී පිල කඩුලු 05කින් පරාජය කළේය. එස්එස්සී පිටියේදී සීඩිබී පිල කඩුලු 02කින් ජෝන් කීල්ස් පරාජය කළ අතර, එස්එස්සීහිදී හේලීස් ලකුණු 96කින් සීඩීබී පරාජය කළේය. පී සාරා ඕවල් පිටියේදී ජෝන් කීල්ස් ලකුණු 9කින් එච්එන්බී පරාජය කළේය. එන්සීසීහිදී සීඩීබී පරදා එච්එන්බී ලකුණු 10ක ජයක් ලැබීය. පී සාරා ඕවල් පිටියේදී ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 02ක ජයක් ලැබීමට හේලීස් සමත් විය. පී සාරා ඕවල්හිදී හේලීස්, එච්එන්බී කණ්ඩායම කඩුලු 02කින් පරාජය කළ අතර, එන්සීසීහිදී ජෝන් කීල්ස් ලකුණු 54කින් සීඩීබී පරාජය කළේය.

අපරාජිත, හේලීස් සමූහය සහභාගි වූ තරග 04න් ජයග්‍රහණ 04ක් ලබා පෙරමුණේ පසු වන අතර, එච්එන්බී ජයග්‍රහණ 02ක් සහ පරාජ 02ක් සමඟින් දෙවන ස්ථානයේ සිටී. එච්එන්බී සහ සීඩීබී එක් ජයග්‍රහණයක් සහ පරාජයන් තුනක් අත් කර ගෙන ඇත.

මෙතෙක් පැවැති තරග ප්‍රතිඵලවලට අනුව කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු එකතුව (ජෝන් කීල්ස් සීඩීබීට එරෙහිව) – පන්දුවාර 50 තුළ කඩුලු 8ට 314යි. හොඳම පිතිකරණය: ශතක 02ක් ජෝන් කීල්ස් පිලේ කුසල් මෙන්ඩිස් – පන්දු 106කදී 110 (සීඩීබී ට එරෙහිව) හයේ පහර 03ක් සහ හතරේ පහර 08ක් ඇතුළුව. සීඩීබී කණ්ඩායමේ මුදිත ලක්ෂාන් (ජෝන් කීල්ස්ට එරෙහිව) – පන්දු 115කදී ලකුණු 104 හතරේ පහර 05ක් ඇතුළත්ව. හොඳම පන්දු යැවීම: සීඩීබී පිලේ ළහිරු මධුසංක (එච්එන්බීට එරෙහිව) – පන්දුවාර 9.4යි, නිලකුණු පන්දුවාර 02යි, ලකුණු 31කට කඩුලු 05යි. සීඩීබී කණ්ඩායමේ තරිඳු රත්නායක (හේලීස් පිලට එරෙහිව) – පන්දුවාර 10යි, ලකුණු 50කට කඩුලු 05යි.