28.5 C
Colombo
Monday, May 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගිය ඇෆ්ගන් - පාකිස්තාන තරගාවලියට කාබුල් කරදර හරස් වෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගිය ඇෆ්ගන් – පාකිස්තාන තරගාවලියට කාබුල් කරදර හරස් වෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඇෆ්ගනිස්තානයේ පවතින කලබලකාරී තත්ත්වය හේතුවන් ඔවුන්ගේ ක්‍රීඩකයන් තුළ ඇතිව තිබෙන අර්බුදකාරී මානසික මට්ටම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ පාකිස්තානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය දින නියමයක් නැතිව කල් දමයි. ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවති සාකච්ඡාවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට යෑමට ඇති අපහසුතාව දැනුම්දී ඇති අතර, පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඒ සඳහා අනුමැතිය දී ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද ඊයේ නිල දැනුම් දීමක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ‘දිනමිණට’ පැවසීය. යළි තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කිසිදු සඳහනක් කර නැති බව ද ඔහු සඳහන් කළේය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා තහවුරු කළේ ඔවුන් මේ තරගාවලිය පාකිස්තානය වෙත ගෙන යෑමට උත්සාහ කළ නමුත් අවසානයේදී ඇෆ්ගනිස්ථානය තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවයි.

“ඊයේ සවස් වන තුරුම පාකිස්තානයේදී තරගාවලිය පැවැත්වීමට මූලික වශයෙන් එකඟ වී සිටියා. ඔවුන් දුන් සියලු සහයෝගය ගැන අප පාකිස්තානයට ස්තුතිවන්ත වනවා. එහෙත්විශේෂයෙන් අපේ ක්‍රීඩකයන්ගේ මානසික සූදානම සලකා බැලීමේදී, ඔවුන් සූදානම් නැති බව පෙනී ගියා. අපට පුහුණු කඳවුරක්වත් නිසි ලෙස පවත්වන්න නොහැකි වුණා. හොඳම දේ තරගාවලිය කල් දැමීමයි” ෂින්වාරි මහතා මාධ්‍යයට පැවැසීය.