― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකැත්තකින් පහර දී සහෝදරයා ඝාතනය කරයි

කැත්තකින් පහර දී සහෝදරයා ඝාතනය කරයි

අත් පොරවකින් සහ කැත්තකින් පහරදී තම සහෝදරයාව ඝාතනය කර ඇති පුවතක් පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (06) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි මුලඇඩියාවල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ දරුවෙකු සහෝදරයාගේ නිවසේ සිටින බල්ලෙකු සපා කෑම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත සැකකරුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇත.

ඒ හේතුවෙන් අදාළ සැකකරු විසින් පොරොවකින් හා කැත්තකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම ඝාතනය සිදුකළ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.