කොළඹ ගොල්ෆ් සංගම් ක්‍රීඩාංගණයේ පැවැත්වූ තේරීම් තරග කිහිපයකින් පසු ජාතික ගොල්ෆ් සංචිතය නම් කර ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් තෝරා ගනු ලැබූ මේ සංචිතයට ක්‍රීඩකයන් 11 දෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත් වෙති. ජාතික සංචිතය, සංවර්ධන සංචිතය වශයෙන් කාන්තා හා පිරිමි සංචිත මේ අතර වේ.
බ්‍රිතාන්‍ය පාසලේ යොවුන් ක්‍රීඩකයකු වන යැනික් කුමාර සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ හාරූන් අස්ලම් මෙවර සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයෝ වෙති. මේ අතර 13 හැවිරිදි රෙෂාන් අල්ගම ගොල්ෆ් සංවර්ධන සංචිතයට ඇතුළත් කර ඇත.
ජාතික පිරිමි සංචිතය – චානක පෙරේරා, චලිත පුෂ්පික, ධනුෂ පෙරේරාථ ජානුක ඩිල්ෂාන්, ලමිඳු රනික, යූ.ඒ. රණසිංහ, හාරූන් අස්ලම්, කේ. ධනූෂාන්, ජී.අයි. දිල්රංග, නිකේත් තේජ්වානි සහ යැනික් කුමාර.
ජාතික කාන්තා සංචිතය – ටානියා බාලසූරිය සහ කායා දළුවත්ත
සංවර්ධන සංචිතය පිරිමි ‘බී’ – රෝහණ ප්‍රසාද්, ඩබ්.එන්. වෛද්‍යරත්න, රෂේන් අල්ගම සහ ආර්. සුරේෂන්
සංවර්ධන සංචිතය – කාන්තා – ශෙරීන් බාලසූරිය
සංවර්ධන සංචිතය – පිරිමි ‘සී’ – ආර්.එම්.එස්. රූපසිංහ, ලෙවොන් නියරේපොල, ආර්.ඩී.සී. රාජපක්ෂ, එච්.ජී.සී.පී. චතුරංග, මූසා ශෙරිෆ්, විනූද වීරසිංහ, බුද්ධික ජයලත් සහ ශනේල බිනුෂ්ක