26 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු රැජිණ 'පූසි' පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

කුඩු රැජිණ ‘පූසි’ පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘කුඩු රැජින’ ඊයේ (07) දෙහිවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකළ අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 64ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බව විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ‘කුඩු රැජින’ ලෙස ප්‍රසිද්ධ 40 හැවිරිදි ඇය ‘පූසි’ නම් අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කොහුවල පොලිස් වසමේ රෝහල පාර, කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේදී වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘බඩෝවිට අසංක’ නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඇය විසින් මෙලෙස ප්‍රවාහනය කර ඇති බවද අනාවරණය වී තිබේ.