28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසුරාසැල් රාත්‍රී 10 දක්වා විවෘත කළ යුතුයි - ඩයනා ගමගේ

සුරාසැල් රාත්‍රී 10 දක්වා විවෘත කළ යුතුයි – ඩයනා ගමගේ

මත්පැන් අලෙවිසැල් අවම වශයෙන් පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබිය යුතු බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඇය පෙන්වා දුන්නේ රාත්‍රී 9ට සුරාසැල් වැසීම නිසා රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි වන බවයි.

ආණ්ඩුව අරක්කුවලට බද්දක් දැම්මත් එය අය කරගන්න විදියක් නෑ. එය නැවත ලබා ගත හැක්කේ මත්පැන් අලෙවි කළහොත් පමණයි. සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබිය යුතුයි. රාත්‍රී 9ට සුරාසැල් වැසී ගියද මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය අය රාත්‍රී නවයෙන් පසුව එය මිලදී ගන්නේ කොහෙන්ද, කෙසේද යන්න දැනගත යුතුයි.