28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර හජ් වන්දනාවට ශ්‍රී ලාංකිකයන් 3,750ක්

මෙවර හජ් වන්දනාවට ශ්‍රී ලාංකිකයන් 3,750ක්

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,750ක් පමණ ශුද්ධ වූ මක්කම බලා පිටත්ව යාමට නියමිතය.

සෞදි අරාබි රජය විසින් ශ්‍රී ලංකාව සඳහා හජ් කෝටාව ප්‍රකාශයට පත් කර තිබියදීත්, පසුගිය වසරේ හජ් වන්දනාවේ යෙදුණේ ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් පමණි.

කෙසේ වෙතත් ආර්ථිකයේ ස්ථාවරත්වයත් සමඟ ශ්‍රී ලාංකිකයන් මෙම කෝටාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන වන්දනාවේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව පළමු ශ්‍රී ලාංකික හජ් බැතිමතුන් කණ්ඩායම ජුනි මස 03 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශුද්ධ වූ මක්කම නගරයෙ හජ් වන්දනා කිරීම ඉස්ලාමයේ අනුගාමිකයින්ගේ ප්‍රධාන රාජකාරි පහෙන් එකක් ලෙස සැලකේ.