25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසම්බන්ධන්, සෙන්තිල් හා ජීවන් අතර හමුවක්

සම්බන්ධන්, සෙන්තිල් හා ජීවන් අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්. සම්බන්ධන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් අතර හමුවක් ඊයේ (24) පැවැත්වුණා.

කොළඹ පිහිටි සම්බන්ධන්ගේ නිවසේ පැවති මෙම රැස්වීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ්වරන් යන මහත්වරුද සහභාගි වූහ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්තතිරන් සහ රාසමානික්කම් ශානක්‍යයන්ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

එහිදී නැගෙනහිර පළාතේ සමාජ හා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.