28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලෝ ප්‍රකට ප්‍රහසන නළුවෙක් නවීන් දිසානායක විහිළුවකට ගනී

ලෝ ප්‍රකට ප්‍රහසන නළුවෙක් නවීන් දිසානායක විහිළුවකට ගනී

ලොව ප්‍රකට ප්‍රහසනවේදියෙකු වන රිකී ජර්වේස්, ලංකාවේ මේ මොහොතේ කරළියට පැමිණ තිබෙන විහිළු, භාෂණයේ නිදහස සහ අපහාස පිළිබද සංවාදයට මැදිහත් වී තිබේ.

භාෂණයේ නිදහස යන්නෙන් තවකෙකුට අවමන් කිරීමට හෝ තවෙකෙකුගේ හිත රිදවීමට ඔබට හැකි යැයි අදහස් නොවන බව නවීන් දිසානායක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර ලෝ ප්‍රකට ප්‍රහසන නළු රිකී ජර්වේස් නවීන්ගේ එම සටහනට මැදිහත් වී ඇත.

එම සංවාදය මෙසේය.

නවීන් – “භාෂණයේ නිදහස යන්නෙන්, ඔබේ ක්‍රියාවන්ගෙන් හෝ ඔබ කියන දෙයින්, අනෙකාට අවමන් කිරීමට, ඔහුගේ හෝ ඇයගේ කීර්ති නාමයට හානි කිරීමට හෝ රිද්දීමට ඔබට හැකි බව අදහස් නොවේ..”

රිකී – “ඔබේ මේ අදහස මගේ මගේ හිත පාරනවා..!
ඇත්තෙන්ම එය මහත් වේදනාවක්..
කරුණාකරලා ඔබේ ඔය ට්වීට් එක ඩිලීට් කරන්න..”

නවීන් – “ඔබේ හිත රිදවීම ගැන කණගාටුයි මිත්‍රයා..
නමුත් මට මගේ ට්වීට් එක ඩිලීට් කරන්න බෑ.
මගේ ට්වීට් එක මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය..”

රිකී : “හං හං හා . . .ඔබ අහු වුනා…”