29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක ව්‍යාපාරය නංවාලීමට රජිනිකාන්ත්ගේ සහය පතයි

සංචාරක ව්‍යාපාරය නංවාලීමට රජිනිකාන්ත්ගේ සහය පතයි

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් පසුගියදා (29) ලෝක ප්‍රකට නළු රජිනිකාන්ත් හමු වී තිබේ.

මෙම හමුව පවත්වා ඇත්තේ ඔහුගේ නිවසේදී වන අතර එහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

ඔහුගේ පැමිණීම සිනමා කර්මාන්තය මෙන්ම සංචාරක ව්‍යාපාරයත් වැඩිදියුණු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ‘රාමායණ මංපෙත’ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඔහුට පෞද්ගලිකව ආරාධනා කළේය.