― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthපිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙඳපොළට

පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙඳපොළට

මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් පසුගියදා හඳුන්වා දුන්නේය.

වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බවයි මහාචාර්යවරයා පවසන්නේ.

මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ටද ලබාගැනීමේ හැකියාව පවතින අතර මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා, පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන පිළිකා ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.