― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉදිරි මාස තුනේදී IMF එකඟතා සපුරනවා

ඉදිරි මාස තුනේදී IMF එකඟතා සපුරනවා

ඉදිරි තෙමස තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා 62කින් 25ක් ඉටුකර ඇති බවත් ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක්ද පත්කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ යටතේ ක්‍රියාකාරී සැලැස්ම, කාලරාමුවක් සමග ඉදිරියට ගමන් කරමින් පවතින බවයි. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වනවිට අදාළ ඉලක්ක කරා ගමන් කළ හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.