31.1 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසංගතයේ දරුණුම තැනට රට වැටිලා

වසංගතයේ දරුණුම තැනට රට වැටිලා

කොවිඩ් වසංගතය ඇති වූ පසු එහි දරුණුතම ව්‍යසන අවධියට අපේ රට මේ වන විට මුහුණ දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ‘දිනමිණට‘ පැවසීය.

ආණ්ඩුවේ තකතීරු තීරණ නිසා කිසිදු පුරවැසියකු මිය යා යුතු නැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඇති වී ඇත්තේ පාලකයන් විසින් නිසි තක්සේරුවකින් යුතුව තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බවද කියා සිටී.

මේ නිසා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවමින් වාර්තා වෙන බවත් කොවිඩ් වයිරසය පැතිරුණු රටවල් හා සංසන්දනය කරන විට මෙය ඉතා භයානක තත්ත්වයක් බවද පෙන්වා දෙයි.

රට තුළ පවතින රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඩ් මර්දනය සඳහා යොදා ගන්නා ලෙස ආණ්ඩුව උපදෙස් දී තිබුණද රට තුළ පවතින රෝහල් පද්ධතිය සාමාන්‍ය රෝගීන්ට තරම්වත් ප්‍රමාණවත් නැති බවද අවධාරණය කර සිටී.

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී පාවිච්චි කරන ‘ටොෆිලි සුමැබ්’ නමැති එන්නතද හිඟයක් ඇති බව පෙන්වා දෙන ඒ මහතා සමස්තයක් ලෙස රට තුළ ඖෂධ හිඟයක් ඇති බවද කියා සිටි අතර, මේ තත්ත්වය තේරුම් ගෙන වඩා වගකීමෙන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

සුභාෂිණී සේනානායක