― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවිපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්

විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්

රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වුව ද වත්මන් රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජය නොහැකියාවෙන් පෙළෙන රජයක් වන අතර ඔවුන්ගේ අමනෝඥ, අකාර්යක්ෂම වැඩපිළිවෙළ තුළ රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීම මගින් රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වූ රජයේ ම සංඛ්‍යා ලේඛන දෙස බලන විට එය මනාව පැහැදිළි වන බවත් රජය සෑම විටම සිදු කරන්නේ රටේ ජනතාවගෙන් තොරතුරු වසන් කිරීම බව ඔහු ප්‍රකාශ කළා.

ඊට අමතරව රටේ ප්‍රශ්න විසඳන බව කියමින් රජය සිදු කර ඇත්තේ රට බංකොලොත් කළ හොරු රකිමින් හොරුන්ට සුර සැප ලබා දෙමින් තමන්ද සුරසැප විඳිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අසාර්ථක ගිවිසුමක් ඇති කර ගැනීම බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමන් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවදුරටත් රජයට ජනතාවට බොරු කිරීමට අවස්ථාව ලබා නොදී මේ බොරු සහ රැවටිලි සියල්ල හෙළිදරව් කරන බව යි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දීයි.

එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ හොරා කෑ හොරු ටික අල්ලා, ඔවුන් රටට අහිමි කළ සම්පත් නැවත ලබා ගැනීමට අවශ්‍ය දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු වවත් මේ දෙබිඩි රංගනයට ඊට ඉඩ නොදෙන බවයි.

එසේ ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවට ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශව කියා සිටිය ද හදිසියේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට තීරණය කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙලෙස ජනතාවට බොරු කියන්නේ ඇයි ද යන්න විමසන අතර මේ වෙනස් කිරීම තුළ රජය විසින් රටත් ජනතාවත් මහා අනතුරකට ලක් කර ඇති බව ඔහු සඳහන් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම තුළ රටේ ආර්ථික අස්ථාවරභාවයක් නිර්මාණය වන බවට රජය දැන සිටියේ නැත්ද? ඒවා නොදැන ද මෙම ගිවිසුම් ගැසුවේ? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ලෝකයේ රටවල් රැසක් ජනතාව පැත්තෙන් ගිවිසුම් ගැසුවත් රාජපක්ෂ හිතවාදී වත්මන් රජයට ජනතාව ගැන හිතන්න බැරි වූයේ ඇයිද? කියා විමසන බවයි.

ලොව පුරා ගොස් දේශපාලන සංදර්ශන පවත්වා හැම දේම හරි බව පැවසුවත් රටේ ආර්ථිකය හැකිලෙන්නේ ඇයිද? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේ පරාටේ නීතිය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපල විකිණීම රජයේ ආර්ථික ප්‍රතිපත්තියක් ද? කියා ප්‍රශ්න කර සිටින බවයි.

එබැවින් රජයට කියා සිටින්නේ මේ බොරුවෙන් මිදී රටේ ජනතාවට සත්‍ය පවසන ලෙසත් දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිව යුතු විපක්ෂයක් ලෙස ශක්තිමත් ගිවිසුමකට එළඹීමට කාලය ලබා දුන්නත් රජය ජනතාව වෙනුවෙන් ඒ තීරණය ගැනීමට අපොහොසත් වූ බැවින් රටටත් ජනතාවටත් අහිතකර වන සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි.

සත්‍යවාදීව විවෘතව යථාර්ථවාදීව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළේ දී මතය වෙනස් කළේ ඇයිද? කියා ජනතාවට පැහැදිලි කරන ලෙසත් ඒ සම්බන්ධ පිළිතුරක් ලබා දෙන තුරු රටත් ජනතාවත් විපක්ෂයත් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළා.