විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 1977 වසරේ දී ඇරැඹුණු ක්‍රමය පසුව 5%සහ 10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා තමා වත් දන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන දෙයක්” බවද කුමාර වෙල්ගම මහතා කීය.
පිටරටවල් වල පවා මෙවැනි අල්ලස් ගන්නා බවත් ඒ රටවල ගන්නේ 3% බවද ඔහු පැවසීය.