― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalපාර්ලිමේන්තු මන්ත්‍රී ගිය ෆේස්බුක් සාදය අවසන් වූ හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගිය ෆේස්බුක් සාදය අවසන් වූ හැටි

අන්තර්ජාලය මගින් සංවිධානය කළ ඩී.ජේ. පාටියකට එක්ව සිටි 07ක් මත්පෙති හා මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය අතඩංගුවට ගෙන තිබේ.

එම සාදය සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වෛද්‍යවරයෙක් ඇතුළු 200ක් සහභාගී වී ඇත. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක මෙම සාදය පැවති අතර අන්තර්ජාලය මගින් මෙම සාදය සංවිධානය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලවි කරන මත් පෙති සහ කේරළ ගංජා සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 20 – 35 අතර වයස්වල පසුවන 200කට වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම සාදයට සහභාගි වී ඇත. මෙම මත්ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 3500ක මුදලක් අය කර තිබෙන අතර ඇතුල් වූ පසු මුදල් ගෙවූ අය හඳුනා ගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබෙන බව පොලිසිය පවසයි.

සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය පානය කර සිටි අයුරු දැකගන්නට ලැබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.