― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරත්තරන් තවත් ගණන් උස්සයි

රත්තරන් තවත් ගණන් උස්සයි

ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට සති දෙකකට පමණ පෙර ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1830 ක්ව පැවතුණ ද ඩොලර් 30 කට ආසන්න මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 115,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 124,500 ක පැවතුණද අද (14) සිට පවුමක් රුපියල් 140,000 කට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කරයි.