28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගන් හිටපු ඇමැති ජර්මනියේ පීට්සා බෙදයි

ඇෆ්ගන් හිටපු ඇමැති ජර්මනියේ පීට්සා බෙදයි

ඇෆ්ගනිස්තානයේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සයිඩ් සදාත් ජර්මනියේ පීට්සා ඇණවුම් නිවාස කරා රැගෙන යෑමේ රැකියාවක (delivery man) නිරත වී සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. වසර දෙකක කාලයක් ඇෆ්ගනිස්තානයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සදාත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජර්මනියට සංක්‍රමණය වී ඇත්තේ වැඩි ආදායමක් උපයා ගැනීමේ අරමුණින් බව ද වාර්තා වේ.

‘ඇෆ්ගනිස්තානයේ අනිකුත් දේශපාලඥයනුත් මම වගේම වෙනත් රටවල රැකියාවේ නිරතවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැංගිලා ජීවත්වෙනවාට වඩා මේක හොඳයි,’ 49 හැවිරිදි සදාත් වාර්තාකරුවන්ට කියා සිටියේය.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් හිමිවී ඇති සදාත් තැඹිලි පැහැති නිල ඇඳුමෙන් සැරසී සිය පාපැදිය මගින් පීට්සා ඇණවුම් නිවාස කරා රැගෙන යෑමේ රැකියාවෙන් විශාල තෘප්තියක් ලබන බවත් පැවසුවේය.