― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරන් කරඬු සොරකම ගැන සෙවීමට CID කණ්ඩායමක්

රන් කරඬු සොරකම ගැන සෙවීමට CID කණ්ඩායමක්

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ රන් කරඬු සොරකම් පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් දෙවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

කොටවෙහෙර රජමහා විහාරයේ තැන්පත් කර තිබූ රන් කරඬු පහ සහ පළිඟු කරඬු තුන කිසියම් පිරිසක් විසින් සොරගනු ලැබ තිබුණේ, පසුගිය සෙනසුරාදායි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, මෙය මිහිදු හිමියන් සහ සංඝමිත්තා තෙරණින් වහන්සේ හෝ ඒ හා සමාන කාලයකදී මෙරටට රැගෙන ආ ධාතු කරඩුවක් බවට විශ්වාසය පළ කෙරෙන බවයි.

ශ්‍රී ලංකාවේ අපිට තිබුණ පැරණිතම ධාතු කරඩුව මේ විදිහට අපිට අහිමි වෙනවා. මෙය බොහෝ විට මිහිදු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණින් වහන්සේ හෝ ඒ හා සමාන කාලයකම ලංකාවට රැගෙන ආව ධාතු කරඩුවක් කියලා තමයි විශ්වාස කෙරුණේ බොහෝ දුරට

මෙම රන් කරඬු හා පළිඟු කරඬු 1956 සහ 2000 වසරේ දැලිවල කොටවෙහෙරේ කරන ලද කැණීම් වලදී සොයා ගන්නා ලද්දකි.

1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කර ඇති අතර, කාල නිර්ණවලදී එය ක්‍රිස්තු පූර්ව 250 ට පමණ අයත් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

දැලිවල කොටවෙහෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කීර්ති තිස්ස නම් කුමරෙකු විසින් ඉදිකරන ලද බවට ඓතිහාසික ලේඛනවල සඳහන් ය.

එම ස්ථානයට මිහිදු මහරහතන් වහන්සේ වැඩම කර ඇතැයි සැලකෙන අතර, දකුණු ආසියාවේ සේද රෙදි පිළිබඳ පැරණිතම සාක්ෂි හමුවන්නේ ද මෙම ස්ථානයෙනි.