26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනඩු කල් යාම නතර කිරීමට යෝජනාවක්

නඩු කල් යාම නතර කිරීමට යෝජනාවක්

මහේස්ත්‍රාත් අධිකරණවල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පාර්ලිමේන්තුවට අද (05) යෝජනාවක් ගෙන ආවා.

නඩු කටයුතු කල් යාම හේතුවෙන් ආයෝජන අවස්ථා පවා අහිමි වන තත්ත්වයක් ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ. ඒ අනුව අවශ්‍ය ආර්ථික නිදහස ලබාගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධනයෙන් බවයි කාරියවසම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දෙස් විදෙස් ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයකට පත්ව ඇති බවයි මෙම යෝජනාව ගෙන එමින් මන්ත්‍රීවරයා පැවසුවේ.