27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුතුරාජා යළි ලංකාවට දෙන්නේ නැහැ - තායි පරිසර ඇමති

මුතුරාජා යළි ලංකාවට දෙන්නේ නැහැ – තායි පරිසර ඇමති

දැඩි කතාබහට ලක්වූ මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බවට තායිලන්තයේ පරිසර අමාත්‍ය වර්වුට් ශිල්පාචා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් මුතුරාජා සුව වූ පසු යළි ගෙන්වා ගන්න බවට සිදු කළ ඇති ප්‍රකාශය සාකච්ඡාවට බඳුන් නොකළ යුතු කාරණයක් බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වූයේ.

ඇසේ සුද පැමිණීම, ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශයේ තුවාල පැවතීම, නියපොතුවල සහ පාද හතරේම ඇතැම් ගැටලු පැවතීම වැනි තත්ත්වයන් මේ වනවිට තායිලන්තයේ පශු වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වුවද එම හස්තිය යළි ශ්‍රී ලංකාවට එවීමේ ඉඩකඩ ඉතා සීමිත වන බවයි වාර්තා වන්නේ.