28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරට වැසීම විද්‍යාත්මකව සිදු කළ යුතුයි

රට වැසීම විද්‍යාත්මකව සිදු කළ යුතුයි

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගැනීමට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මාධ්‍ය වෙත පසුගියදා (27) අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“රට විවෘත කර ඇති අවස්ථාවක මෙන් ජනතාව මහා මාර්ගයට පැමිණෙන්නේ නම් එය සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ලොක්ඩවුන් කිරීමක් නොවේ. මේ වයිරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් හැකිතාක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම අවශ්‍යයෙන්ම කළ යුතුයි.

මහා මාර්ගයට පැමිණියහොත් නෞකා හැර අන් සෑම වාහනයක්ම මාර්ගයේ ගමන් කරන අයුරුත්, ජනතාව ද පෙර පරිදිම මහා මාර්ගයේ සැරිසරන අයුරුත් දැක ගත හැකියි. එනිසා රජය මේ ගැන වහාම මැදිහත් විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද විද්‍යාත්මක රට වැසීමක් ඉල්ලා සිටිනවා. කඩා වැටෙන ආර්ථිකය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කළා. කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට විද්‍යාත්මක රට වැසීමක් අවශ්‍යයි.

දීර්ඝ කළ නිරෝධායන ඇඳිරිනීතිය අර්ථවත් කර ගැනීමට නම් එය විද්‍යාත්මක ඇඳිරිනීතියක් බවට පරිවර්තනය කර ගත යුතුයි.”

ශිරෝමි අබයසිංහ